අපේ රටේ අලි ඇතුන් අතරින් අතිශය දුර්ලභ, දැවැන්ත දළ යුගලකට හිමිකම් කියන ‘මහසෙන් ඇතා’ මේ වන විට දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බවට පුවතක් වාර්තා වෙනවා.
මුළු රටේම ආදරය දිනාගත් මේ දැවැන්තයා සති දෙකකට ආසන්න කාලයක සිට මරණයත් සමඟ සටන් කරමින් සිටින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
පෙනී යන ආකාරයට මහසෙන් ඇතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, තවත් ඇතකු සමඟ ඇති වූ දරුණු සටනකදී දළ පහරවල් කීපයක් වැදී සිරුර තුවාල වී තිබෙනවා. මේ හේතුවෙන් ඇතා දැඩි ලෙස අසරණ වී සිටින බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද (02) දිනයේදීත් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශිකා මදුවන්ති මහත්මිය ඇතුළු කණ්ඩායම සහ ගනේවල්පොල වනජීවී නිලධාරීන් එකතු වී ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් මෙය ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි.
පශු වෛද්‍යවරුන් පවසන්නේ මහසෙන් ඇතා දැන් වයස්ගත වී සිටින බැවින්, එන්නත් කිරීම සඳහා නිර්වින්දනය (සිහි නැති කිරීම) කිරීමට නොහැකි බවයි. ඒ නිසා රක්ෂිතය මැද වනජීවී නිලධාරීන් තමන්ගේ ජීවිත පවා අවදානමට ලක් කරමින් ඉතාමත් දුෂ්කර මෙහෙයුමක නිරත වෙමින් ඖෂධ ලබා දීමට කටයුතු කරනවා.
✅✅✅✅✅✅✅✅
