ලෝකයේ වාණිජ නගර ලස්සන වෙද්දී, ඒ ලස්සන පිටුපස හැංගිලා තියෙන අඳුරු පැත්ත ගැන කියවෙන පුවතක් නයිජීරියාවෙන් වාර්තා වෙනවා.
ලොව විශාලතම පාවෙන මුඩුක්කු ජනාවාසය විදිහට හැඳින්වෙන 'මකෝකෝ' (Makoko) ජනාවාසය දැන් බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කරමින් පවතිනවා.
වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් තියෙන මේ පාවෙන ගම්මානය විනාශ කරන්න රජය පියවර අරන් තියෙන්නේ සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි. රජය පවසන්නේ මේ නිවාස නීති විරෝධී බවත්, අධිබලැති විදුලි රැහැන්වලට ඉතා සමීප නිසා අනතුරුදායක බවත්ය.
ප්‍රදේශවාසීන් පවසන්නේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මේ කඩා ඉවත් කිරීම් පටන් ගත් බවයි. මානව හිමිකම් සංවිධාන පවසන පරිදි පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්වෙලා.
මේ ක්‍රියාව නිසා මිනිසුන් 30,000කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වෙනවා. නිවාස අහිමි වූ අසරණ පවුල්වලට වැස්සේ තෙමෙමින් බෝට්ටු මත නිදා ගැනීමට සිදුවෙලා.
ලාගෝස් නුවර පාලම් යට කුඩා ඉඩකට පවා වසරකට ඩොලර් 126ක පමණ කුලියක් ගෙවීමට මේ මිනිසුන්ට සිදුව තිබෙනවා.
විවේචකයින් පවසන්නේ රජය ආරක්ෂාව ගැන කතා කළත්, ඔවුන්ගේ සැබෑ අරමුණ මේ වටිනා බිම් කොටස් අත්පත් කරගෙන ධනවත් අයට විකිණීම සහ නවීන නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම බවයි. ධනවත් ප්‍රදේශවල නිවාස දහස් ගණනක් හිස්ව පවතිද්දී දුප්පත් මිනිසුන්ගේ හිසට හෙවනක් වූ මේ පාවෙන ලෝකය අළු දූවිලි කර දැමීම ගැන මුළු ලෝකයේම දැඩි විරෝධයක් එල්ල වෙනවා.
✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
