අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝා##නය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා CID සහ STF නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව (13) පස්වරුවේ වෙඩි තබා ඝා##නය කර තිබුණි.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය. එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝා##නය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩි#බීම සිදුවී තිබුණි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනි#වියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවි##ක්ෂයට පත්වුණි. එලෙස ඝා##නයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.
✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments