ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණයේ කැපී පෙනෙන වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
විශේෂයෙන්ම උතුරු පළාතේත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ අංශ දැනුම් දෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
