"මියගිය රුව නොව සිනාසුණු මගෙ රුව මතක තබාගන්න.." - දිවි සිනමාවෙන් සමුගත් සේන සමරසිංහයන්ගේ අවසන් කැමැත්ත මෙන්න..



 සිංහල සිනමාවේ අමතක නොවන සිනමා සිත්තම් රැසක නිර්මාණකරු, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සේන සමරසිංහයන් දිවි සිනමාවෙන් සමුගත්තේ මුළු කලා ලෝකයම කඳුළින් නහවමින්.


ඔහුගේ අභාවයත් සමඟ ඔහු මියයන්නට පෙර කළ ඒ සංවේදී සහ අතිශය පෞද්ගලික ඉල්ලීම දැන් කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

සේන සමරසිංහයන් ජීවතුන් අතර සිටියදී තම පවුලේ අයට පවසා තිබුණේ, තමා මියගිය පසු දේහය නිවසට රැගෙන නොඑන ලෙසයි.

තමාට ආදරය කළ හිතමිතුරන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳිය යුත්තේ තමා මියගිය නිසල රූපය නොව, ජීවත්ව සිටියදී සිනහවෙන් පිරි ජවසම්පන්න රූපය පමණක් බව ඔහු දැඩිව විශ්වාස කළේය.

ඒ අනුව ඔහුගේ අවසන් කැමැත්තට ගරු කරමින්, දේහය නිවසට රැගෙන නොවිත් අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ උදවිය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

"නිසල වූ මගෙ ගත දෙස බලා හඬන්නට එපා නෙතඟින් කඳුළක් සලාලා.. මතකයේ තබනු මැන සිනාසුණු මගෙ රුව සිනමා සිත්තමක සදා ඇඳිලා.."

'කස්තුරි සුවඳ', 'අප්සරා', 'හිත හොඳ මිනිහෙක්' වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට හරහා සිංහල සිනමාව පෝෂණය කළ සේන සමරසිංහයන්ගේ නික්මයාම සිනමාවට පිරවිය නොහැකි අඩුවක්.

සැබෑ කලාකරුවෙකු ලෙස නිහඬවම සමුගත් සේන සමරසිංහයන්ණනි, ඔබට අමා නිවන් සුව අත්වේවා!
උපුටා ගැනීම - සමාජ මාධ්‍යයෙන් 


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post