ළමයින්ට ඉගැන්වීමට ගෙදරට ආ ගුරුවරයෙක්, පවුල් දෙකක විශ්වාසය දිනාගෙන අන්තිමට කළේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.
අසරණ කාන්තාවන් දෙදෙනෙකුගේ කරේ තිබුණ පවුම් 19ක රත්තරන් බඩු ටිකට "විදපු" මේ ටියුෂන් සර් ගැන දැන් මුළු අලුත්ගමම කතා වෙනවා. මෙම ගුරුවරයා නිවෙස්වලට පැමිණ දරුවන්ට උගන්වමින් සිටියදී, ඉතාමත් සූක්ෂ්ම ලෙස නිවෙස් හිමියන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.
"ලොකු මුදල් හදිසියක් තියෙනවා, එක මාසයකින් ආපහු ගෙනත් දෙන්නම්" කියමින් රත්තරන් බඩු ඉල්ලා ගෙන ඇති මොහු, පවුම් ගණනින් ඒවා තම භාරයට ගෙන ඇත්තේ ඉතාමත් අහිංසක ලෙසයි.
මෙම වංචාවට හසු වී අත්තේ රුපියල් ලක්ෂ 41ක් වටිනා පවුම් 12 1/2 ක ස්වර්ණාභරණ ලබාදුන් 36 හැවිරිදි කාන්තාවක් සහ රුපියල් ලක්ෂ 19ක් වටිනා පවුම් 6 1/2 ක ස්වර්ණාභරණ ලබාදුන් 38 හැවිරිදි කාන්තාවක්.
මාසයෙන් දෙනවා කිව්ව රත්තරන් බඩු ටික, අවුරුද්දක් ගියත් නොලැබුණු තැනයි මේ කාන්තාවන් දෙදෙනාට තේරිලා තියෙන්නේ තමන් අහුවෙලා ඉන්නේ "ගුරු වෙස් ගත් වංචාකාරයෙකුට" බව. පොලිස් දැලට හසුවීමඅන්තිමේදී කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අලුත්ගම, ගනේගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments