Ticker

6/recent/ticker-posts

මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද..? අයිස් වුණු මුහුද බලන්න මිනිසුන් වැල නොකැඩී ඇදී එයි..

 


මේ කියන්න යන්නේ තවත් විශ්මය දනවන එක් කතාවක්. ඒ කතාව ඇසුවොත් ඇත්තටම ඔබත් විමතියට පත්වේවි.. 



උතුරු පෝලන්තයේ මිකොෂිවු ප්‍රදේශයේ උෂ්ණත්වය වේගයෙන් පහළ බැසීමත් සමඟ බෝල්ටික් මුහුදු වෙරළාශ්‍රිත මුහුද අයිස්වලින් මිදී ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා දින සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අපූරු දසුන නැරඹීමට එහි පැමිණෙනවා.

කාලගුණ අනාවැකිවලට අනුව එහි උෂ්ණත්වය සෘණ සෙල්සියස් අංශක 20 (-20°C) දක්වා පහත වැටෙනු ඇති බවයි අනතුරු අඟවා ඇත්තේ.

මුහුදු තීරයේ විශාල ප්‍රමාණයක් සහ විස්ටුලා මෝය ප්‍රදේශය ද අයිස්වලින් වැසී ගොස් තිබෙනවා.

එහි පැමිණි ජනයා අයිස් මත ඇවිදිමින් සහ මෙම අසාමාන්‍ය ශීත සෘතු දර්ශනය ඡායාරූපයට නගමින් විනෝද වනු දැකිය හැකියි.

මෙවැනි තත්ත්වයන් පෝලන්තයේ දැඩි ශීත සෘතුවලදී ඉඳහිට දැකගත හැකි වුවද, මෙවර එහි විශාලත්වය ඉතා කැපී පෙනෙන සහ දුර්ලභ එකක් බව පැමිණි පිරිස් විස්තර කරනවා.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments