Ticker

6/recent/ticker-posts

පාට පාට කුඩ අව්වට ඉහලන එක අතිශ්‍යයින්ම අවදානම් කියලා ඔබ දන්නවාද ?

 


ඇත්තටම කුඬේකට කෙනෙකුගේ දෛවය වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? පෙර සඳහන් කළ සිදුවීමත් ඒ වගේ දෙයක් තමයි. නමුත් සමහර වෙලාවටට අපි ඒ තරම් හිතලා නොබැලූවාට අද සමාජයේ ඉන්න බොහෝදෙනෙක් පාවිච්චි කරන කුඩ නිසා බොහෝ දෙනෙක්ගේ සෞඛ්‍යයට නම් එතරම් හොඳක් සිද්ධ වෙන්නේ නැති බවයි වෛද්‍ය මතය වෙලා තියෙන්නේ.

පාට පාට කුඩ, මල් මල් කුඩ, විවිධ රටා වලට, විවිධ හැඩතලවලට, දැඩි අලංකාරය නිසා ඇස් නිලංකාර වේලා යන මට්ටමට කුඩ වර්ග මිලදී ගන්න අපි කවුරුත් කැමතියිනේ. ඒ වුණත් කෝකටත් හොඳයි, කුණු ගෑවෙන්නෙත් නෑනේ කියලා තවත් සමහර අය කළු කුඩ විතරක්ම පාවිච්චි කරනවා. මේ එක එක ජාතියේ කුඩ වර්ග අතරේ ඔබ වඩාත් කැමති කුමන කුඩයකට වුණත් වැස්ස වහින වෙලාවට වඩා අව්ව පායන කොට නම් කුඩයක් ඉහළන කොට තරමක් පරිස්සම් වුණොත් හොඳයි.

ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන කුඩවල රෙද්ද බොහෝ වෙලාවට තුනී නිසා ඒ හරහා අහිතකර සූර්ය කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල කිරන ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ සමට එවැනි අහිතකර සූර්ය කිරණවලින් තර්ජනයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් මොන විදිහට ද අපි කුඩයක් තෝරා ගන්න ඕන කියලා ඊළගට ඔබට හිතෙනවා ඇති. ඇත්තටම කුඩයක් ගන්න කොට ඒ කුඩ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන ඒවාද නැද්ද කියලා හොඳට හොයලා බලන්න ඕන.

හිරු කිරණ පරාවර්තනය කරන්නට පුළුවන් මේ කුඩවල රෙද්ද හොඳ ඝනකමින් යුක්ත වෙනවා. ඒ විතරක්ම නෙමෙයි මතුපිට අළු පාටින් ද කුඩය අතුල් පැත්ත කළු පාටින් ද යුක්ත නිසා ඒවා හොයාගන්න අමාරු වෙන එකකක් නෑ. ඒ හින්දා මීට පස්සේ නම් කුඩයක් පාවිච්චි කරන කොට කුඬේ තියෙන ලස්සන විතරක් නෙමෙයි. සෞඛ්‍යටත් හිතකරද කියලා බලන්නත් මතක තියාගන්නත් ඕන.

අපගේ face book පිටුවට like එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න
post එක වටිනවානම් පහලින් share කරන්න


✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments