අද කාලේ පොලිසියේ රාළහාමිලාටත් ලෙහෙසි නැත. උඩින් එන "ටාගට්" එකට බීමත් රියදුරන් ඇල්ලුවේ නැත්නම් ඉතින් පහුවදා උදේට ඉහළින් ලැබෙන "අමෘතය" (කුණු බැණුම්) ගැන අමුතුවෙන් කිව යුතු නැත.
මේ කියන්න යන්නේ ඒ වගේ ටාගට් එකක් පස්සේ පන්නපු රාළහාමි කෙනෙකුට වෙච්ච අලි අකරතැබ්බයක්.
සින් එක මෙහෙමයි... පසුගියදා දකුණේ ප්‍රසිද්ධ හෝටලයක ලොකු පාටියක් තිබුණා.
"අද නම් අනිවාර්යයෙන්ම බේබද්දෝ දෙන්නෙක්වත් කොටු කරගන්නවා" කියා හිතාගත් අපේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හෝටල් ගේට්ටුව අසල "රැකවල්" ලා සිටියා.
මධ්‍යම රාත්‍රිය වෙද්දී ජැන්ඩියට ඇඳගත් මහත්තයෙක් බයිසිකලයකින් එනු දුටු එක් නිලධාරියෙක් වහාම බයිසිකලය නැවැත්වීය.
"මූ නම් අනිවාර්යයෙන්ම ගහලා ඇත්තේ" කියා සිතූ රාළහාමි, මත්පැන් ගඳ එන්නේදැයි සැක හැර දැනගැනීමට තමාගේ නහය අදාළ පුද්ගලයාගේ කට අසලටම ගෙන ගියේය.
ඉන්පසු සිදු වූයේ නොසිතූ දෙයකි! මත්පැන් ගඳ වෙනුවට එළියට පැන්නේ පීනස නිසාවෙන් එළියට පැන්න "සොටු කන්දරාවකි". මුහුණ කිට්ටු කරගෙන සිටි රාළහාමිගේ මුහුණ පුරාම සොටු නෑමට සිදුවිය.
"අනේ සොරි සර්... මම බොන්නේ නැහැ. මට තදේට පීනස තියෙනවා. හෝටලයේ ඒසී එකටයි, කාපු අයිස්ක්‍රීම් වලටයි දැන් කිවිසුම් යන්න පටන් ගත්තේ..." යැයි අසරණ රියදුරා පවසද්දී රාළහාමි සිටියේ තමන්ගේ මුහුණ පිසදමමිනි.
රියදුරාගේ ලියකියවිලි හරියට තිබූ නිසා ඔහුට යන්නට අවසර ලැබුණත්, සොටු නෑමට සිදුවූ නිලධාරියාට පහුවදා පොලිසියේ අනෙක් මිතුරන්ගෙන් ලැබුණු "කෝචොක්" එක නම් ඉවරයක් නැතිලු.
දැන් එම පොලිස් ස්ථානයේ බීමත් රියදුරන් ඇල්ලීමට යන නිලධාරීන්ට අනිවාර්යයෙන්ම "ෆේස් ශීල්ඩ්" එකක්වත් පැළඳගෙන යන්නැයි මිතුරන් උපදෙස් දෙන බවයි අපට වාර්තා වන්නේ!
උපුටා ගැනීමක්..
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments