Ticker

6/recent/ticker-posts

ලග්න තුනකට සුබපල.. ප්‍රබල අනාවැකි රැසක් සමගින් හෙට සිදුවන ග්‍රහමාරුව ගැන මෙන්න විශේෂ හෙළිදරව්වක්..

 


කාලයෙන් කාලයට ග්‍රහලොව සිදුවෙන වෙනස්වීම් ඔබේ ජීවිතයට කොහොම නම් බලපානවා ඇතිද..? 


මේ කියන්න යනේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක විශේෂ කතාවක්. හෙටින් උදාවෙන මාසකයක කාලය ඔබේ ජීවිතයට මොන තරම් නම් දුෂ්කර කටුක කාලයක් වේවිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

පෙබරවාරි මස 13 වැනි දින ගුරු පැය 54 විනාඩි 57න් හෙවත් සම්මත වූ ඔරලෝසු වේලාවෙන් අලුයම 4.00ට කුම්භ රවි සංක්‍රාන්තිය යෙදෙන්නේ ය.

ඒ අනුව රාජ්‍ය කාරක, පියකාරක රවිට පරම සතුරු රාශියක් වන සෙනසුරු හිමි කුම්භ රැසෙහි පෙබරවාරි 13, මාර්තු 13 අතර අතිශය කටුක දුෂ්කර ගමන් මඟෙක ගෝචරය සිදුවෙයි.

මෙවැනි ග්‍රහ පිහිටීමක් යෙදුණු කල රාජද්‍රෝහී කුමන්ත්‍රණ, කැරළි කෝලාහල, වර්ජන, සත්‍යග්‍රහණ, මිනිස් ඝාතන, පාතාල ක්‍රියාකාරකම්, භූ චලන, නියඟ, සුළි සුළං, වසංගත රෝග, අපරාධ, මංකොල්ල කෑම්, කප්පම් ගැනීම්, කාම අපරාධ, ළමා අපචාර ආදී සිදුවීම ඡ්‍යොතිෂ නියමයයි.

ප්‍රධාන පෙළේ දේශපාලන ප්‍රභූවරයකු පිළිබඳ අසුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇත. කලාකරුවන්ට කලාකාරිනියන්ට තදබල අපලකරයයි. ප්‍රසිද්ධ ගායන ශිල්පිනියකට හා රංගන ශිල්පියකුට දැඩි අපල ස්වභාවයක් දිස්වේ. විධායකය විසින් නොසිතූ විරූ තීන්දු රැසක් ගනී.

මරණීය දණ්ඩනය පවා ක්‍රියාත්මක කිරීමට යොමු විය හැකිය. දූෂිතයන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇත. ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකුට සිරදඬුවම් හිමි වේ. එවැනිම ප්‍රබල දේශපාලඥයකු රට අත හැර යනු ඇත. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය වේ. බදුබර ඉහළ යා හැකිය. රවි, කුම්භ රාශිගතවීම මේෂ, වෘෂභ, කන්‍යා හිමියන්ට ශුභඵල ගෙන දේ. ධනු ලග්න හිමියන්ට තරමක් ශුභයි.

මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන රාශි හිමියන්ට කුම්භ රවිගේ සංක්‍රාන්තිය එතරම් ශුභදායි නොවේ.

කුම්භ රවියේ සංක්‍රාන්තිය එතරම් යහපත් නොවන හෙයින් ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන අදාළ වත් පිළිවෙත් සපුරා ආගමානුකූල පින්දහම්හී නිරතවෙමින් අඩුම තරමින් පංචශීල ප්‍රතිපත්තිගරුකව කායානුපස්සනාව, චිත්තානුපස්සනාව වඩවා ගැනීමට වීර්යය කළ යුතු ය.

එසේම තම තමන්ටද මෙකී සංක්‍රාන්තිය එතරම් පල නොදෙන බව පෙනෙන්නේ නම් පහත වත්පිළිවෙත්හී පොදු වශයෙන් යෙදීම සුදුසුය.

කුම්භ රවියේ අපල විපාක සඳහා ප්‍රතිකර්ම කෙම්මුර දිනක විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් රෙදි කඩකින් පුරාණ බෝධීන් වහන්සේ නමක් පිහිටියා වූ පුදබිමක කහ දියරෙන් සෝදා ගත් පඬුරක් ගැට ගසා බාරහාර වන්න.

පුරාණ බෝධීන් වහන්සේ නමකට කෙම්මුර දින 7 ක් පස්තෙලින් පහන් 9 බැගින් දල්වා පූජා කරන්න. හැකි සෑම විටකම වියළි හෝ නැවුම් දෙතිස් ඖෂධ පූජා කරන්න. නිදුක් නීරෝගී වේ. නවග්‍රහ දෝෂ සඳහා පාට 9 කොඩිවැල් පූජාවන් කරන්න. ශුභදායී කිරණ ආකර්ෂණය වෙයි. හැකිනම් ගිතෙලින් වෙනම පහනක් දල්වන්න.

තුන් සූත්‍රය, දස දිසා පිරිත, ඇණවුම් පිරිත, මහා අභිසම්භිධානය උදේ සවස සජ්ඣායනය කරන්න. අමනුෂ්‍ය භය දුරු වී වාසනාව උදා කරයි. හැකි තරම් අසරණ මිනිසුන්ට උදව් පදව් කරන්න. බඩු මල්ලක්, අවශ්‍ය ඖෂධයක් හැකි සෑම විටකම දන් දෙන්න. නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේ.

අසරණ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වළකින්න. ඔවුන් මහ මඟ දමා අතරමං කරන්න එපා. ඒ වගේම ඔබලාගේ ජීවිතත් මංමුලා වී අතරමං විය හැකිය. හැකි සෑම විටකම එම සතුන්ට ඉඳුල් නොකර ආහාරපාන ටිකක් ලබා දෙන්න. අපල නිකම්ම දුරු වේවි.

මස් මාංශ, බැදුම් වර්ග, පුළුටු ආහාරවලින් සදාකාලිකවම ඈත් වන්න. නිදුක් නිරෝගී වේ. අකාලයේ නොමැරෙයි. හදිසි අනතුරුවලින් වළකී.

රත් හඳුන්, මුරුවා මුල්, වියළි ඉඟුරු, අමුකහ, වදකහ, ගල් සෙවෙල්, කලාඳුරු අල, ජටා මාංශ සපුමල් කැකුළු, වෙනිවැල් ගැට, සුවඳ කොට්ටම්, ඊතණ, කුසතණ, සමන්පිච්ච මල්, අක්‍රපට්ටා, සතකුප්ප, බැවිල, වී පොරි, දේව දාර, අබ, කටුපිල, ලෙත් සුඹුළු, තල යනාදී ඖෂධ මිශ්‍රකොට තම්බා එම ඖෂධීය වතුර ස්නානය (කෙම්මුර දින 7ක්වත් නොකඩවා) කිරීම යහපත් වෙයි.

මහා සංඝරත්නය උදෙසා ඖෂධ පිරිකර පූජා කිරීම. (අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් කර) මහත්ඵල ආනිශංස ගෙනදෙන පුණ්‍ය කර්මයකි. හැකිනම් සබන්, දත්බෙහෙත්, දත් බුරුසු යනාදී සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් කර සනීපාරක්ෂක පිරිකරක්ද පූජා කිරීම මහඟු පුණ්‍ය කර්මයකි. උචිත බුදුගුණ යන්ත්‍රයක් පැලඳීමද ඉතාම යහපත් වෙයි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්..

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments