Ticker

6/recent/ticker-posts

මුහුද හිදෙයි. විදෙස් රටෙන් ඇහෙන සිතල පුවතක් මෙන්න. සෙල්ෆි ගන්න ගිය අයට වෙච්ච දේ.....

 


පෝලන්තයෙන් අදහගන්න බැරි පුවතක් වාර්තා වෙනවා.



 උතුරු පෝලන්තයේ මිකොෂිවු (Mikoszewo) ප්‍රදේශයේ උෂ්ණත්වය වේගයෙන් පහළ බැසීමත් එක්ක මුළු බෝල්ටික් මුහුදු වෙරළම එකම අයිස් ගොඩක් බවට පත්වෙලා...

මේ අපූරු දසුන බලන්න ගිය සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් දැන් කරන්නේ මුහුද උඩ ඇවිදින එකයි, සෙල්ෆි ගන්න එකයි.

වෙනදා රළ ගහන බෝල්ටික් මුහුද සහ විස්ටුලා මෝය ප්‍රදේශය දැන් පේන්නේ හරියට සුදු පාට කාන්තාරයක් වගේ. කාලගුණ අංශ අනතුරු අඟවන්නේ ඉදිරි දිනවල උෂ්ණත්වය -20°C දක්වාම දරුණු ලෙස පහළ යනු ඇති බවයි.

සාමාන්‍යයෙන් පෝලන්තයේ ශීත සෘතුව සැර වුණත්, මෙතරම් විශාල ප්‍රමාණයක් මුහුද අයිස්වලින් වැසී යාම ඉතාම දුර්ලභ සිද්ධියක් කියලා එහේ අය කියනවා. මිනිස්සු අයිස් මත ඇවිදිමින් විනෝද වුණත්, මේක තරමක් අවදානම් වැඩක් වෙන්නත් පුළුවන්. මොකද අයිස් තට්ටුවේ ශක්තිමත් බව ගැන හැමෝම සැක පළ කරනවා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments