මනා පෞර්ෂයකින් යුතු, රූමත් ඇය ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිමා කරලා තමන්ගේ මුල්ම පත්වීම විදිහට ලැබුවේ නගරයේ ප්‍රධාන පිරිමි පාසලකට.
දක්ෂ විදිහට උගන්වපු මේ ගුරුතුමිය කෙටි කලකින්ම මුළු පාසලේම ජනප්‍රිය වුණේ ඇයගේ කාරුණික බව නිසයි.
හැම සිසුවෙක්ම ඇය දෙස බැලුවේ ගෞරවයෙන් වුණත්, එක සිසුවෙක්ගේ හිතේ විතරක් අමුතුම කුණාටුවක් හටගෙන තිබුණා.
ඉහළ පන්තියක ඉගෙනුම ලැබූ මේ සිසුවාට ගුරුතුමිය කෙරෙහි ඇතිවුණේ "ගුරු ගෞරවයකට" වඩා එහා ගිය හැඟීමක්.
''ඔහු හැමවිටම ඇයගේ අවධානය දිනාගන්න උත්සාහ කළා. පන්තියේ පාඩම් වැඩවලට අදාළ නැති ප්‍රශ්න අහමින්, පන්තිය අවසන් වූ පසුත් ඇය පිටුපසින් ගොස් විවිධ දේ විමසීම මේ සිසුවාගේ පුරුද්දක් වුණා.''
ගුරුතුමියට මේ වෙනස තේරුම් ගිය නිසා ඇය තමන්ගේ හිතවතුන්ගෙන් උපදෙස් අරගෙන මේ සිසුවාගෙන් ඈත් වෙන්න උත්සාහ කළා.
නමුත් එයින් සිසුවා තවත් නොසන්සුන් වුණා. පාලනය කරගත නොහැකි ආදරයකින් පෙළුණු ඔහු, දිනක් ගුරුතුමිය පන්තිය ඉදිරිපිටින් යද්දී සියලු දෙනා බලා සිටියදීම දුවගෙන ඇවිත් ඇයගේ අතින් තදින් අල්ලා ගත්තා.
"අනේ මිස් මට මිස්ව ඕනි!" මුළු පාසලම ගල් ගැසුණු ඒ මොහොතේ, ඔහු හඬා වැටෙමින් ඇයගෙන් ආදරය ඉල්ලා සිටියා.
බියට පත්වුණු ගුරුතුමිය වහාම ඔහුගේ අත ගසා දමා විදුහල්පති කාමරයට දිව ගියේ සිදුවූ දේ පවසන්නටයි.
වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා සිසුවාගේ දෙමාපියන් ගෙන්වා මේ පිළිබඳව දැඩි ලෙස අවවාද කළා.
ගුරු-සිසු සබඳතාවයේ සීමාවන් ඉක්මවා ගිය මේ සිසුවාගේ හැසිරීම නිසා පාසලේ විනය පවත්වා ගැනීම වෙනුවෙන් ඔහුව පාසලෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.
වසර ගණනාවක අධ්‍යාපනය සහ අනාගතය පවා මේ "පිස්සු පෙම" නිසා ඔහුට අහිමි වුණේ තමන්ට අකුරු කළ ගුරු මෑණියන්ට අගෞරව කළ නිසාවෙන්.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments