Ticker

6/recent/ticker-posts

එය හරියටම තවත් සමක් වගේ.. සම්මාන රාත්‍රියක රතු පලසේදී කාගේත් අවදානය දිනාගත් සුපිරි නිරූපිකාවක් සමාජ මාධ්‍ය කළඹයි..

 


විලාසිතා, කාලයෙන් කාලයට සමාජය කළඹන පුවත් නිර්මාණය කරනවා. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.



2026 ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලස මත කාගේත් අවධානය දිනාගත් සුවිශේෂීම තරුව වූයේ සුපිරි නිරූපිකා හයිඩි ක්ලම්. ඒ ඇයි කියලා දන්නවාද? ඒ ඇයගේ විලාසිතා නිසායි. ඇය හැඳ සිටි ඇඳුම නිකම්ම ඇඳුමක් නොව, ඇගේ සිරුරේ හැඩයටම නිමවූ "දෙවැනි සමක්" බඳු වූ අපූරු නිර්මාණයක්.

ඔස්ට්‍රියානු ජාතික විලාසිතා නිර්මාණ ශිල්පිනී මරීනා හෝමන්සෙඩර් විසින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම, තාක්ෂණය සහ කලාව මුසු වූ අපූරු නිමවුමක්.

මෙම සුවිශේෂී ඇඳුම නිර්මාණය කිරීම සඳහා ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් අනුගමනය කර තිබෙනවා.

මුලින්ම හයිඩි ක්ලම්ගේ සිරුරේ හැඩය නිවැරදිව නිරූපණය වන පරිදි පරිගණක දත්ත (Computer Renderings) මගින් ආකෘතියක් සකස් කරන ලද අතර, හයිඩිගේ සමේ පැහැයට (Nude-colored) ගැළපෙන පරිදි විශේෂයෙන් සකස් කළ සම් (Leather) මේ සඳහා යොදාගෙන තිබෙනවා.

සිරුරේ වක්‍ර සහ හැඩතල මනාව කැපී පෙනෙන ලෙස මෙම සම් කොටස් අච්චුවකට තබා මූර්තිමත් කර තිබෙනවා.

නිර්මාණ ශිල්පිනී මරීනා හෝමන්සෙඩර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම ඇඳුමේ මූලික සැලසුම්වල සිට අවසාන නිමවුම දක්වා වූ වීඩියෝ දර්ශන පෙළක් ප්‍රසිද්ධ කර තිබුණා. එහිදී ඇගේ මැදිරිය තුළ හයිඩිගේ ශරීරයේ හැඩයට සමාන මකන්නන් (Mannequins) දෙදෙනෙකු මත මෙම ඇඳුම සකස් කරන ආකාරය දැකගත හැකි වී තිබුණා.

"මෙය නිකම්ම රෙදි කැබැල්ලක් නොව, ඇගේ සිරුරේම දිගුවක් බඳු වූ මූර්තියක්," යැයි විලාසිතා විචාරකයෝ පවසනවා.

කෙසේ වෙතත්, 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේ වඩාත්ම කතාබහට ලක්වූ මෙම "නිරුවත් ඇඳුම" (Naked Dress), විලාසිතා ලෝකයේ නව ප්‍රවණතාවක් සනිටුහන් කර ඇති බව නොඅනුමානයි.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments