Ticker

6/recent/ticker-posts

පොලිස් කොස්තාපල් පෙම්වතියට කලදේට කොස්තාපල් පෙම්වතාට ම#ණ දඩුවම නියම වෙයි

 


සිය පෙම්වතිය වූ 23 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරියක අමානුෂික ලෙස ඝා#නය කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද මරණීය දණ්ඩනය නියම කළේය.

වසර ගණනාවක් තිස්සේ අධිකරණය මඟහැර සිටින විත්තිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද විනිසුරුවරයා මෙහිදී වරෙන්තු නිකුත් කළේය.

ඉකුත් 2013 වසරේ ජනවාරි 07 වනදා පිටකොටුව ලෝටස් පාරේ පිහිටි ගුවන් පාලම මතදී මෙම ඝාතනය සිදුව තිබුණි. පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඇති වූ ප්‍රේම සබඳතාවක් මත විවාහ වීමට සිටියද, විත්තිකරුගේ අයහපත් චර්යාවන් හා පොරොන්දම් නොගැළපීම හේතුවෙන් තරුණියගේ මව එම විවාහයට අකමැති වී තිබේ.

එදින උදෑසන 7.10ට පමණ තරුණිය රාජකාරියට යන මග රැක සිටි විත්තිකරු, ඇය සමඟ ඇති වූ බහින් බස් වීමකින් පසු මන්නා පිහියකින් ඇගේ ගෙල වෙන්වන ලෙස කපා දමා ඇත. මරණකාරියගේ සිරුරේ ස්ථාන 47ක බරපතල කැපුම් තුවාල තිබූ බවත්, ඇයට වස පෙවීමටද විත්තිකරු උත්සාහ කර ඇති බවත් සාක්ෂි මගින් අනාවරණය විය.

විත්තිකරු සාක්ෂි දෙමින් කියා සිටියේ තමා වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවත්, තරුණියට තුවාල සිදු වූ ආකාරය නොදන්නා බවත්ය. එහෙත් එම ප්‍රකාශය දඬුවමින් ගැලවීමට කළ එකක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මූලික විමර්ශන අවස්ථාවේදී විත්තිකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔහු මේ වන විට පලා ගොස් ඇති බවද නඩු විභාගයේදී අනාවරණය විය.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments