Ticker

6/recent/ticker-posts

ගර්භනී මවක් වෙනුවෙන් එකමුතුවුණු කළුතර–කොළඹ බස් රථයක මනුස්සකම ගැන ඇසෙන කතාව

 


ආදරය තියෙන්න ඕන මිනිස්සුන්ගේ හිත්වල.. ආදරය වෙනුවෙන් වෙන්වුණු දිනෙක අහන්න ලැබුණු ඒ කතාව ඇත්තටම හරි සංවේදී එකක් වුණා. 



කිරි සිනා වෙනුවෙන් පෙරුම්පුරන මවක් ගැන මේ ඇසෙන කතාව නම් ඇත්තටම හරි වෙනස්. ඇයගේ වාසනාව මොන තරම්ද නම් කියන්නේ ඒ බස් රථයේ ගමන් ගත් බොහෝ දෙනා ඇය වෙනුවෙන් කාරුණික වී තිබුණා. මේ කියන්නේ අන්න ඒ කතාවයි..

අද බස් එකේ සිද්ධ වුණු සිද්ධියක්..

හැමදාම වගේ උදේ 8.15 ට ඔෆිස් යන්න කියලා සෙනඟ නෑ කියලා හිතන් එන මොකක්ම හරි A/C බස් එකකට නගින මං අද නැග්ගේ NC 7143 කළුතර-කොළඹ බස් එකකට.. බස් නම්බර් එක නම් දන්නේ මට දීපූ ටිකට් එක නිසාමයි.. කොහොම හරි ලොකු සෙනඟක් නැති වුනත් පානදුර ඉඳන් කටුබැද්දට වගේ වෙනකම් මං ගියේ හිටගෙන.. තව කීප දෙනෙක්ම හිටන් ගියේ.. සීට් එකක් දැන් හම්බෙයි දැන් හම්බෙයි කියලා හිටන් යන ගමන් බස් එකේ ඇතුලෙම වෙන දේවල් ගැනත් පොඩ්ඩක් අවධානෙන් ඉඳියේ ඕපදූප හොයන නිසා ඒම නෙවෙයී පොඩ්ඩක් අර ඉබේටම කට්ටිය දිහා ටිකක් අවධානෙන් බැලෙන නිසා කිව්වොත් හරී..

දැන් තමයි කතාව පටන් ගන්නේ..

මගේ ඉස්සරහම වාඩිගෙන ඉඳියා පොඩ්ඩක් වයසින් වගේ අඩු කපල් එකක්.. කපල් එකක් කිව්වට ඒ husband and wife වෙන්න ඕනී.. මං ඒම කිව්වේ ඒ lady, pregnant නිසා.. අතින් ඒම අල්ලන් ඒ boyගේ උරහිසට හේත්තුවෙලා ඉඳපු නිසා මං හිතනවා හරී ඔව්, ඒ husband and wife.. කොහොම හරි මොරටුව කිට්ටු කරනවත් එක්කම වගේ අර lady එයාගේ husbandට ලාවට වගේ කියනවා මට ඇහුනා එයාට මොකක්ද වෙනවා වගේ කියලා.. එයාගේ husband ටිකක් පොඩි වයසක කෙනෙක්.. මං හිතන්නේ ඒ නිසාමද දන්නෙ නෑ ඒ boyට ලොකූ තේරුමක් තිබ්බේ නෑ.. මොකක්ද කරන්න ඕනී කියලා.. හැබැයි විස්වාස කරන්න එවෙලේ හිටගෙන හිටපු තව මහත්මයෙක් ම තමයී ඒ lady ට වතුර බෝතලයක් දීලා කිව්වේ "අහ් මේකෙන් ටිකක් බොන්න" කියලා..

වතුර බීලා ඉඳියත් ඒ lady ට එවෙලේ සහනයක් දැනුන්නෑ.. එයාට තව තව වේදනාව ආවා මිසක් ඔව් එයාට සහනයක් දැනුන්නෑ.. ඒ lady අර එයාට වතුර එක දීපු කෙනාට කිව්වා "අනේ අයියේ මාව Durdans hospital එකට ගෙනියන්න" කියලා.. ඒ වෙලාවත් එක්ක ඒ කපල් එකට ඉස්සරහා සීට් එකේ වාඩිගෙන ඉඳපු මහත්මීන් දෙන්නෙක්ගේ අවධානේ ඒ කපල් එකට ලැබුනා.. මං දන්නෑ මිනිස්සු මේ තරම් හොඳ වෙන්නේ කොහොමද කියලා.. අර මහත්මීන් දෙන්නගෙන් එක්කෙනෙක් එයාගේ සීට් එකෙන් නැගිටලා ඇවිත් අර lady ගේ අත තදීන් අල්ල ගත්තා.. අනික් කෙනා කිව්වා ඔයා "බය වෙන්නෙපා කලබල නොවී ඉන්න" කියලා.. ඒ එක්කම අර lady ඇඳන් ඉඳපු ඇදුම පවා සැහැල්ලු කරා..

දන්නවද ඒ වෙලාවේ තව හිටන් ඉඳපු මහත්මයෙක් ළඟ තියන hospital එක කොහෙද කියලා බැලුවා.. ඇත්තටම ඒ වෙලාවේ ළඟ hospital එකකට කියලා තිබ්බේ ගල්කිස්සේ. කොහොම හරි බස් එක එලවපු ඩ්‍රයිවර්මහත්තයට කිව්වා පුලුවන් ඉක්මන්ට එතන්ට යමූ කියලා.. ආයේ දෙපාරක් නොහිතා ඒ මහත්මයා බස් එක ඉක්මන්ට hospital එක ගාවට ගියා.. ඒ යනකන්ම ඇත්තමයී බස් එකේ ඒ වෙලාවේ ඉඳපු මනුස්සකම දන්න කීප දෙනා අර pregnant ladyට ඒ වෙලාවේ මානසික විදියටත් ශාරීරික විදියටත් ලොකූ සහනයක් දුන්නා.. මං හිතනවා ඒ වෙලාවේ ඒ ladyගේ husband ටත් ලොකූ සහනයක් ලැබෙන්න ඇති කියලා..
බස් එක කෙලින්ම නැවැත්තුවේ hospital එකේ දොරකඩ.. දන්නවද අර කපල් එකව ඒ වෙලාවෙවත් තනිනොකර ඉන්න එක මහත්මියක් ඉස්සර වුණා. එයා අර කපල් එකත් එක්කම hospital එකට ගියා..

මට කියන්න ඕනී වුනේ මෙච්චරයි! බස් එකේ යද්දි එද්දි ජැක් ගැහුවා අරහේ මිරිකුවා මෙහෙ මිරිකුවා කියලා එක එක විදියෙ දේවල් අහන්න දකින්න ලැබෙනකොට කලාතුරකින් හරි මේ වගේ ලස්සන දේවල්, අගයන්න වටින දේවලුත් වෙනවා කියන්න.. ඒ වෙලාවේ ඒ කපල් එකේ උදව්වට ඒ බස් එකේ ඉඳිය ඩ්‍රයිවර් මහත්මයා,කොන්දොස්තර මහත්මයා එක්කම අර ඉඳපු අනික් මහත්ම මහත්මීන් කීපදෙනා නැත්නම් මං හිතනවා ඒ කපල් එක ඒ වෙලාවේ හැටියට අසරණ වෙන්න තිබ්බා කියලා..

ඇත්තටම සතුටුයි ලංකාවේ සමහර මිනිස්සු ගාව තාමත් මනුස්සකම උතුරන්න තියෙන එක ගැන.. තව කෙනෙක්ගේ දුකක් කරදරයක් තේරෙන ගානට වාසියක් නැතුව ඒ කෙනා ගැන සානුකම්පිතව බලන එක ගැන..
ඉතින් අද උදේ බස් එකේ සිද්ධියක් කියලා මට කියන්න ඕනී වුනේ මෙන්න මේ කතාව..
මං හිතනවා ඒ අම්මයි අම්මගේ බඩේ ඉඳපු චූටි බබයි හොඳින් ඇති කියලා..

මල්මි කහවලගේ මුහුණුපොතේ පළවූ සටහනක් ඇසුරෙන්.. 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments