Ticker

6/recent/ticker-posts

ගුවන් මගීන් මරණ බියෙන් ගැහෙද්දී යානා දෙකක තටු එකිනෙක ගැටෙයි.. මුම්බායි අහස යටදී සිදුවූ නොසිතූ අනතුර..

 


ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ රාත්‍රියේ අතිශය තැතිගන්වනසුලු සිදුවීමක් වාර්තා වුණා.


ඒ මගී ගුවන් යානා දෙකක් ධාවන පථයේදී (Taxiway) එකිනෙක ගැටීමයි.

ගුවන්ගත වීමට සූදානම් වෙමින් තිබූ Air India සමාගමට අයත් Airbus A320 යානයක් සහ හයිද්‍රාබාද් සිට පැමිණ මගීන් බෑම සඳහා ගමන් කරමින් තිබූ IndiGo සමාගමට අයත් Airbus A320 යානයක් මෙලෙස එකිනෙක ස්පර්ශ වී තිබෙනවා.

මෙහිදී යානා දෙකෙහිම තටු කෙළවරවල් (Winglets) එකිනෙක වැදී හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

වාසනාවකට මෙන් යානා දෙකම ඉතා අඩු වේගයකින් ගමන් කරමින් තිබූ බැවින් මහා විපතක් වැළකී ගිය අතර, යානා දෙකේම සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය කිසිදු තුවාලයකින් තොරව ආරක්ෂිතව ඉවත් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් සමත් වුණා.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGCA) විසින් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ පාලන මධ්‍යස්ථානයේ උපදෙස්වල වරදක්ද යන්න සොයා බැලීමටයි.



✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments