Ticker

6/recent/ticker-posts

ගාල්ලේ ලොකුම ට්‍රැෆික් එකට හේතුව මෙන්න. දෙවට හන්දියේ වෙච්ච අනතුර.

 


අද (08) දහවල් ගාල්ල, දෙවට හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වුණේ කාගේත් ඇස් ඇරවන පුවතක්. 



ඒ, එතැන තිබෙන පැරණි යකඩ එකතු කරන වෙළඳසැලක් හිටිහැටියේම ගිනි ගොදුරක් බවට පත්වීමයි.

ගින්න වේගයෙන් පැතිර යාමත් සමඟ ප්‍රදේශයම දුමෙන් වැසී ගිය අතර, වහා ක්‍රියාත්මක වූ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක් සහ නාවික හමුදාවේ ගිනි නිවන රථ 2 ක් එම ස්ථානයට ළඟා වුණා. ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයකින් අනතුරුව ගින්න මැඩපැවැත්වීමට සමත් වුණා.

මේ ගිනි ගැනීමත් එක්කම ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට ප්‍රදේශය අවහිර වූ අතර, පැයකට අධික කාලයක් දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. ගිනි නිවන රථවලට ඉඩ ලබා දීම සඳහා පොලිසියට දැඩි වෙහෙසක් දරන්නට සිදු වූ බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, වරාය පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වනවා. විදුලි කාන්දුවක්ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව තවමත් විමර්ශන මට්ටමේ පවතියි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments