Ticker

6/recent/ticker-posts

බස් රථ හිමියන්ට විශේෂ නිවේදනයක් - මාර්ග බලපත්‍ර අහිමි වෙන ලකුණු

 


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් පවසා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට පවසයි.

මෙහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

"බස් හිමියා දන්නවා තමන්ගේ බස් රථ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද කියලා. ඒ නිසා බස් හිමියන්ට කියනවා, කිසිසේත්ම ඊට ඉඩ දෙන්න එපා. එසේ නොවුණොත් මාර්ග බලපත්‍රය නැතිවෙන්න පුළුවන්. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබේ බලපත්‍රය අහිමිකරගන්නවා වෙනුවට වගකීමෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණ යොදව ගන්න ඔබේ ව්‍යාපාරයට. නැත්නම් ඔබට ව්‍යාපාරය අහිමි වෙයි. ඕනතරම් තරුණ රියදුරු මහත්වරු ගම්වල ඉන්නවා" යැයි පැවසීය.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅ 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments