Ticker

6/recent/ticker-posts

නේපාලයේදී කොටුවුණු ඉෂාරා සහ ඩුප්ලිකේට් ඉෂාරා!


 පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකිවිය.


නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල පෙරේදා රාත්‍රියේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.

කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගලගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට ගෙන ඇති, ඉශාරගේ හැඩරුවට සමාන අනෙක් තරුණිය කෙරෙහිය.

ඉෂාරාගේ වර්තමාන පෙනුමද, ඇයගේ ජනමාධ්‍යයට මුදාහරින ලද ඡායාරුපවලට වඩා වෙනස්වන අතර, අත්අඩංගුවට පත්ව ඇති අනෙක් තරුණිය, ඉෂාරාගේ වර්තමාන ස්වරුපයට වඩා සමාන වේ.(තොරතුරු උපුටාගැනීම – දිවයින)
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments