Ticker

6/recent/ticker-posts

මධ්‍යම අධිවේ‍ගයේ අනතුරින් එක් අයෙකු මරුට


 මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුම ආසන්නයේදී ඊයේ (27) අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.



අලුයම 4:30 ට පමණ වාර්තා වූ මෙම අනතුරට, මෝටර් රථයේ රියදුරුට නින්ද යාම මූලික හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments