අද දහවල් 1න් පසු කාලගුණය වෙනස් වෙයි.!


 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) දින පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

මේ අතර, උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව හමා එන තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post