විභාග ප්‍රශ්න පත්‍රයට බිය වී තවත් උසස් පෙළ සිසුවියක් තට්ටු 3ක් උඩ සිට කරපුදේ ගැන දුක්බර පුවත


 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක්, විභාගය ආරම්භ වීමට මොහොතකට පෙර සිය විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බම්බලපිටිය පොලීසිය පවසයි. මෙම සිදුවීම අද (11) දහවල් බම්බලපිටියේ ප්‍රධාන බාලිකා විද්‍යාලයකින් වාර්තා වී තිබේ.

බරපතල තුවාල ලබා ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් දෙවන වරට පෙනී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබා දීමට මිනිත්තු පහළොවකට පමණ පෙර, පාසලේ තෙමහල් ගොඩනැගිල්ලේ කෙටි තාප්පය මතින් ඇය මෙලෙස පහළට පැන ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඇසින් දුටු පුද්ගලයින් පොලීසියට පවසා ඇත්තේ, ඇයගේ සිරුර කාපට් අතුරන ලද මාර්ගයකට පතිත වීම සහ පාද දෙකට පමණක් බරපතල තුවාල සිදුවී දිවි ගැලවීම ආශ්චර්යයක් බවයි.

පවුලේ සමීපතමයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව, මෙම සිසුවිය විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් යම් මානසික පීඩනයකින් සහ බියකින් පසු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි.ආර්.ඒ.ජේ.බි. දෙහිගමගේ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post