නැගෙනහිර සියලුම මුස්ලිම් පාසල් දින නියමයකින් තොරව වසා දැමේ


 නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.

මේ වනවිට නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කාලගුණ තත්ත්වය යහපත්වීමෙන් අනතුරුව යළි විවෘත කෙරෙනු ඇත.

කෙසේ නමුත් මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගය හේතුවෙන් ඒ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථාන මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නොමැත.

එම කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවේ.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post