එදා විශ්මයක් වුණු සෙල්ලම් හාවෙක්.. අද වෙලා තියන දේ මෙන්න..


 මේ හාවා ගැන දන්නේ නැත්තේ කවුද බලන්නකෝ.. අහසින් වැටුණු විශාල සෙල්ලම් හාවා..


ඉතාලියේ කන්දක් මුදුනේ ඉන්න මේ හාවා ගැන සමහරවිට ඔබත් අහලා ඇති. දන්නවාද.?


දන්නවාද.? මේ හාවා දැකබලාගන්නට ආපු අයට හාවාගේ ඇඟ උඩ දුව පනිමින් සෙල්ලම් කරන්න අවස්තාව තිබුණා.

2005 වසරේ ඉතාලියේ Piedmontහී කන්දක් මුදුනේ මේ විශාල සෙල්ලම් හාවෙකුගේ ස්වරූපයේ මූර්තිය ඉදිකෙරුණා.

මෙය දිගින් මීටර 60ක් පමණ සහ උසින් මීටර 6ක් වූ මේ හාවා අභ්‍යාවකාශයෙන්ද දිස්වූ බව කියැවෙනවා. ගලිවර්ගෙ සෙල්ලම් හාවා ළඟ තමන් චූටි ලිලිපුට් කෙනෙක් කියල ඒ අයට දැනෙන්න ඇති.

ඒත් මේ හාවා හදල තිබ්බෙ පරිසරයට හානියක් නොවන දිරාපත් වෙන ද්‍රව්‍ය වලින්.

පිටතින් ලස්සන රෝස පාට දිය කාන්දු නොවන රෙදි වලින් හදල තිබ්බට ඇතුලට ඔබල තිබ්බෙ පිදුරුයි.

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැති බව පසක් කරමින් අවුරුදු 20ක් යනකොට දැන් හාවා සම්පූර්ණයෙන්ම පාහේ දිරාපත් වෙලා ගිහින්. මේ යථාර්ථය ලොවට පෙන්වීම නිර්මාණකරුවන්ගේ අරමුණ වුණා.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post