ගිනි ගණන් වුණ එළවළු - බෝංචි කිලෝවක් 1300ක්

 


බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (10) දිනයේදී බෝංචි කිලෝවක තොග මිල රුපියල් 800ත් 1000ත් අතර වූ බව සඳහන්.

එමෙන්ම නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල රුපියල් 1300 ත් 1400 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ත් 1200ත් අතර මිලක් දකවා ඉහළ ගොස් තිබුණා.

ඊට අමතරව කරවිල කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතරත් වැටකොළු කිලෝවක මිල රුපියල් 380ත් 400ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් ඇත.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post