Ticker

6/recent/ticker-posts

ලෝකයක් ආදරය කරපු දක්ෂ නිළියකට ඇගේම නිවස තුළදී අත් වූ ඉරණම. 35 හැවිරිදි ඇයගේ පෙම්වතා අත්අඩංගුවට

 


හිටපු බ්‍රෝඩ්වේ ළමා නිළියක වන 25 හැවිරිදි ඉමානි ඩියා ස්මිත් (Imani Dyea Smith), පසුගිය 21 වැනිදා නිව් ජර්සි හි පිහිටි ඇගේ නිවසේදීම අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වෙලා තියෙනවා. නත්තලට දින කිහිපයකට කලින් තමයි ඇයට මේ ඉරණම අත්වුණේ.


මේ සාහසික ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා වන 35 හැවිරිදි ජෝර්දාන් ඩී. ජැක්සන්-ස්මෝල්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇගේ සිරුරේ බරපතළ පිහි ඇනුම් තුවාල තිබුණු බවත්, රෝහලට ඇතුළත් කළත් ඇයව බේරා ගැනීමට නොහැකි වූ බවත් වාර්තා වෙනවා.


ඔහුට එරෙහිව දැනටමත් මිනීමැරුම් චෝදනා, දරුවෙකුගේ සුභසාධනය අනතුරේ හෙළීම සහ නීතිවිරෝධී ලෙස අවි ආයුධ ළඟ තබා ගැනීම යන චෝදනා එල්ල වෙලා තියෙනවා.

ඉමානි මියයන විට ඇය තුන් හැවිරිදි පුතෙකුගේ මවක්. තමන්ගේ අම්මව මෙහෙම නැතිවීම ඒ පුංචි දරුවට කොහොම දරාගන්න පුළුවන් වෙයිද? දැනට වාර්තා වන විදිහට ඉමානිගේ දෙමාපියන් වන මොනික් රේන්ස්-හෙල්පර් සහ රව්නි හෙල්පර් විසින් මේ පුංචි පුතා සහ පවුලේ අනෙක් දරුවන් දෙදෙනාගේ වගකීම භාරගෙන තිබෙනවා. 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments