කොල්ලුපිටියේ තරු හෝටලයකදී ප‍්‍රකට නිරූපන ශිල්පිනියට පහර දී ලක්‍ෂ 60ක් අරන් පෙම්වතා පැන යයි

 


කොල්ලුපිටියේ ප්‍රකට නිරූපණ ශිල්පිනියක බැංකු ගිණුමෙන් රුපියල් මිලියන හයක මුදලක් බලහත්කාරයෙන් මාරු කරගෙන, ඇයට පහර දී මරණීය තර්ජනයක් කළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

පැමිණිලිකාරිය පවසන පරිදි, පසුගිය 12 වැනිදා ඇය සිය පෙම්වතා සමඟ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු විය. සැකකරු ඇයව බියගන්වා, ඇය සතු ජංගම දුරකථනය භාවිතයෙන් මුදල ඔහුගේ ගිණුමට මාරු කරා බව වාර්තා වේ.

එමෙන්ම, සැකකරු ඇයට කායිකව පහර දී කාමරය තුළ රඳවා තබා පලා ගොස් ඇති අතර, තුවාල ලැබූ නිරූපණ ශිල්පිනිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පොලිස් අංශය සැකකරු පෙම්වතාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාමාර්ග ගෙන යමින් සිටී. 



✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post