6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල බෙදා දීම අත්හිටුවයි - හේතුව මෙන්න

 


6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර තිබෙනවා.

මේ හේතුවෙන් එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලික්ද සිදුකිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post