බුර්කාවක් පැළඳ කාන්තාවක් ලෙසින් නගරය මැද්දෙන් ගිය සැකකරු මාට්ටු - හේතුවත් හෙළිවේ

 


බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක් අසළ බුර්කාවක් පැළඳ කාන්තාවක ලෙස සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි වන අතර, නගරයේ දමිළ විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඔහු පාසලේ නාට්‍ය හා රංගකලා නිරත සිසුවෙකු වන අතර, භාරත නෘත්‍ය තරුණියක ලෙස කිහිප වාරයක් වෙස් මරු කෙරූ පුද්ගලයකු ලෙසද විමර්ශනවලින් අනාවරණ වී ඇත.

පසුව සිසුවා පොලිසියට පවසා ඇත්තේ, මසකට පමණ පෙර තම මව විදේශයෙන් එවූ මුදලෙන් මෙම බුර්කාව මිලදී ගත්තේ බවයි.

එදා ඔහුගේ සහෝදරිය උපකාරක පන්තියකට ගොස් සිටියදී, ඇයගේ ඇදුම්, සෙරෙප්පු හා රූපලාවන්‍ය උපකරණ රැගෙන නගරයේ පාලු ස්ථානයකට ගොස් ඉහත ඇඳුම පැළඳ නගරයේ සැරිසරමින් සිටියදී පොලිසිය විසින් කර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම විදේශගත වී සිටින අතර, ඔහු සහෝදරිය සමඟ ආච්චිගේ නිවෙස තුළ රැදී සිටින බව පොලිසිය සඳහන් කරයි.

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post