මහමග යන විට මාර්ග නීති ගැන වගේම පරිසරය ගැනත් අපි හිතන්න ඕන.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ පරිසරය වනසන්නට ගිය රියැදුරෙකුට අත්වූ ඉරණමයි.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ රියැදුරකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදුව අනුපාලක මුරපොළේ නිලධාරීන් විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණා.
කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියැදුරු අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට විසිකරන අයුරු අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරියේ නිරත නිලධාරීන්ට 19 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී නිරීක්ෂණය වී ඇති අතර, ඉන්පසු එම නිලධාරීන් විසින් සීදුව අනුපාලක ස්ථානයේ නිලධාරීන්ට මේ ගැන දැනුම් දී ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එම නිලධාරීන් අදාළ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.
✅✅✅✅✅✅✅

0 Comments