(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වඩත්ත ගම්මානයේ තුන් හැවිරිදි දරුවෙකු වැසිකිලියක් සදහා කපා තිබු ජලය පිරි තිබු වළකට වැටිමේන් ඊයේ( 29) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වඩත්ත ගම්මානයෙ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක ඒ.එච්.එම්.සතිස් ශෙනුල් නැමති තුන් හැවිරිදි බාල දරුවෙකු බව කියයි.
මෙම දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ මිත්තනියගේ නිවසේ රැදි සිටියදී බවත් එම නිවසේ වැසිකිලියක් සදහා කපා තිබු වැසිකිලි වලකට මෙම දරුවා වැටි සිටියදී මිත්තනිය හා පවුලේ පිරිස් ගොඩ ගෙන පවුලේ පිරිස් කඩිනම්න් කොට්ටුකච්චිය රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබු නමුත් දරුවා රෝහල් ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කියයි.
✅✅✅✅✅✅✅✅✅✅✅

