ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

 


මැලේසියාවේ සංචාරයෙන් අනතුරුව චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිය මෝටර් රථයට ගොඩවීමට උත්සාහ ගනිද්දී සුපිරි නළු තලපති විජේ සිය පය පැටලී ඇද වැටී තිබෙනවා.

ටී.වී.කේ. පක්ෂ‍යේ නිර්මාතෘ ලෙස දේශපාලනයට පිවිස සිටින සුපිරි නළු තලපති විජේ ඉකුත් කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණා.

එසේම ඔහු මේ වන විට තමිල්නාඩුවේ තෙවැනි බලවේගය බවට පත් වී ඇත. මේ අතර විජේ, මැලේසියාවට ගොස් තිබුණේ සිය 'ජන නායගන්' දේශපාලන රැස්වීම් කීපයක් පැවැත්වීමට බව වාර්තා වේ.

එහිදී දස දහස් ගණනක ඉන්දියානුවන්ගේ සහාය විජේට හිමිව තිබුණා.

කෙසේ වෙතත් ආපසු වෙන්නායි ගුවන්තොටු පොළට පැමිණි විඡේ පිළිගැනීමට තමිල්නාඩු වැසියෝ පොරකා ඇති අතර එම පිරිස අතරේ මාධ්‍යවේදීන් ද සිටි බව සඳහන්.

කෙසේ හෝ ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, පොරකන්න වූ පිරිස අතරින්, මෝටර් රථයට ගමන් කරමින් සිටියදී විජේ මෙසේ පය පැටලී ඇද වැටී තිබෙනවා.

එමෙන්ම එම දසුන් මේ වන විට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post