හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

 


අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ හැමන්ටන් නගරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඊයේ (28) පෙරවරු 11:25 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන පොළොවට පතිත වී තිබෙනවා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කරන පරිදි, අනතුරට පත් යානා දෙකෙහිම ගමන් කර ඇත්තේ නියමුවන් පමණයි.

එක් නියමුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් නියමුවා ජීවිත අවදානම් සහිත බරපතල තුවාල ලබා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post