🛑 "මගේ ඇඟිල්ල කැඩිලා වෙන් වුණා... ඒත් මම නෝනගේ අත අතෑරියේ නෑ!"
"නෝනා ගඟේ වළං හෝද හෝද ඉද්දී එකපාරටම මුළු පළාතම දෙවනත් වෙන්න කෑගැහුවා... "නාමල් අයියේ...!" කියලා."
"මම පණ කඩාගෙන දුවලා ගිහින් බලද්දී දැක්ක දේ හිතාගන්නවත් බෑ. අඩි 10ක් විතර දිග යෝධ කිඹුලෙක් නෝනගේ අතින් ඩැහැගෙන, එයාව වතුරට ඇදගෙන යනවා!"
"මට මගේ ජීවිතේ ගැන හිතන්න තත්පරයක්වත් තිබුණේ නෑ. නෝනා වතුරට වැටෙනවාත් එක්කම මමත් පැන්නා වතුරට! පැන්න ගමන් මම එක අතකින් නෝනගේ අත තද කරලා අල්ල ගත්තා."
"කිඹුලා මාර හයියෙන් දඟලනවා. මම මගේ අනිත් අත යවලා උගේ ඇස් දෙක හොයාගෙන තද කරලා මිරිකුවා."
"ඌ දඟලපු දඟලිල්ලට මගේ අතේ ඇඟිල්ලක් පුරුක ළඟින්ම කැඩිලා වෙන් වෙලා ගියා... ලේ විද්දා."
"ඒත් මට ඒ වේදනාව දැනුනේ නෑ... මට ඕනි වුණේ කොහොම හරි මගේ නෝනව ගොඩට ගන්න විතරයි. කිඹුලට නෝනව අතාරින්න වුණා."
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

0 Comments