දවස් ගාණක් තිස්සේ කඩුගන්නාවේ 'අනතුර' නිසා දුම්රිය මාර්ගය අවුල් වෙලානේ තිබුණේ. දැන් ඒ අවුල නිසාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අලුත්ම දෙයක් ක්‍රියාත්මක කරලා.
හෙට (08) ඉඳලා මහනුවර සිට කොළඹ බලා එන දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරලා තියෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා ප්‍රකශ කරලා තියෙන්නේ, මේ බස්වල යන්න පුළුවන් වෙන්නේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පාවිච්චි කරලා විතරයි කියලා.
මේ වන විට ධාවනය වෙන්නේ කොළඹ කොටුවේ ඉඳන් අඹේපුස්ස දුම්රිය විතරයි. මේ බස් සේවාව යොදවන්නේ මහනුවර, කටුගස්තොට, ගලගෙදර, රඹුක්කන වගේ නගර හරහා.
✅✅✅✅✅✅✅✅
