ආපදාවට පත් කර්මාන්ත ගැන දැනුම්දීමට විශේෂ දුරකතන අංකයක්


 'දිට්වා' සුළි කුණාටුව' හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගාසිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබාගැනීමේ ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අද (3) මේ බව පැවසීය.

ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමට '0712 666 660'  යන දුරකතන අංකය හඳුන්වා දී ඇත.

එමෙන්ම එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබාදෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටී.

මෙම දත්ත ලබාගැනීම මෙම මස 16වනදා ප.ව. 2ට පෙර සිදුකළ යුතු අතර, තොරතුරු ඇතුළත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදුකළ හැකිය.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකි බවද මෙම නිවේදනයේ දැක්වේ.

තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අදාළ සහාය ලබාදීමටත් සම්බන්ධීකරණය කරගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

එමෙන්ම ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටත්, කර්මාන්ත ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමටත් ඒකාබද්ධව, සාමූහිකව කටයුතු කරන ලෙස සියලු කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කර සිටී.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,

CamScanner 03-12-2025 14.07 by poornima

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post