මැරෙන මිනිසුන් ලෙස මරණ පරීක්ෂකවරුන්ගෙන් තීරණයක්.!

 


හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පසුගියදා මෙරට සිදුවූ ආපද‍ාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි.

එහි සභාපති අනුර හේරත් මහතා සඳහන් කළේ මේ සඳහා සංගමයේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය ලැබුණු බවයි.

ආපද‍ාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට කැපවී කටයුතු කරනා හදිසි මරණ පරීක්ෂකවරුන්ට ස්තූතිය පළ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මේ අවස්ථාවේදී මරණ පරීක්ෂකවරුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය සමග පවත්වා තිබේ.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post