සහල් මේ ගානට ඔබට දුන්නද ? එහනම් ඔබ රැවටිලා. මේ කතාවත් බලලම හාල් ගන්න යන්න.


 නාඩු හා කිරී සම්බා සහල්වල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අළෙවි කළ සුපිරි වෙළෙඳසල් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පසුගිය (5) දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගැනීම නිසා ඔවුන්ට රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් ගෙවන්න නියෝග ලැබිලා තියෙනවා.


කලගෙඩිහේන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් දෙකක අයිතිකාරයෝ තමයි මෙහෙම අමාරුවේ වැටිලා තියෙන්නේ. මේ අය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අහු වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.
 
දේශීය නාඩු සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 230ක් වෙලාවේදී, මේ වෙළඳසැල් හිමියා නාඩු කිලෝ එකක් රුපියල් 255කට විකුණලා...ඒ කියන්නේ කිලෝවකට රු. 25ක් වැඩියි.

තවත් ව්‍යාපාරිකයෙක් දේශීය කිරී සම්බා කිලෝ එකක පාලන මිල රුපියල් 260ක් වෙලාවේදී, මේ ව්‍යාපාරිකයා කිරී සම්බා කිලෝ එකක් රුපියල් 310කට විකුණලා.ඒ කියන්නේ කිලෝවකට රු. 50ක් වැඩියි.

මෙච්චර මිල ගණන් වැඩි කරලා සුපිරි ලාභ ලබන්න ගිය මේ ව්‍යාපාරිකයෝ දෙදෙනාට දැන් ලක්ෂ 4ක් දඩ ගෙවන්න වෙලා තියෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් මත තමයි මේ විමර්ශන කරලා සැකකරුවන්ව උසාවියට ගෙනත් තියෙන්නේ.

✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post