දවසක වැටුප රට වෙනුවෙන් වතුකම්කරුවන් පරිත්‍යාගය කරපු ආදරනීය කතාව

 


වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදලට පරිත්‍යාග කර තිබේ.

බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ සේවය කරන කම්කරුවන් මෙම පරිත්‍යාගය සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඔවුන් රුපියල් 108,000ක මුදලක් Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

අදාළ මුදල ජාතික ජන බලවේග නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සූරවීරආරච්චි මහතා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මිය වෙත ඊයේ දිනයේ භාරදෙනු ලැබීය.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post