විපතට පත් ජනතාවට දෙන සලාකත් අතුරුදහන් – කල්පිටියෙන් වාර්තා වන අමානුෂික ක්‍රියාව

 


දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදාහැරීමට තිබූ වියලි සලාක මළු 55ක් සොරකම් වූ සිද්ධියක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මණ්ඩලකුඩාව ග්‍රාම නිලධාරීණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

ආපදාවෙන් බලපෑමට ලක්වූ මණ්ඩලකුඩාව ගම්වාසීන්ට බෙදා දීමෙන් පසු ඉතිරිවූ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් මළු 181ක් පසුගිය 25 වැනිදා සවස අදාළ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ බව පැමිණිල්ලෙන් සඳහන් වේ.

එම නිවසේ වහලයේ උළු ඉවත් කර කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් රුපියල් 220,000කට අධික වටිනා වියලි සලාක මළු 55ක් සොරකම් කර ඇති බවට පොලීසියට දැනුම් දී ඇත.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post