Ticker

6/recent/ticker-posts

නුගේගොඩ කේදවාචකයේ CCTV දර්ශන එළියට

 



නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, දෙහිවල බෝධියවත්ත ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට නොමැත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සහ කොහුවල පොලීසිය වෙඩිතැබීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි. 



✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments