2026 වර්ෂයේ පළමු වාරය සඳහා රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල් සහ පිරිවෙන් හෙට (05) ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වී හෝ තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන පාසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් හෙට විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.
එම පාසැල්වල අධ්‍යන කටයුතු සිදුකරන සිසුන්ට අදාළ පාසැල් විවෘත කරන තෙක් ආසන්නයේ පිහිටා ඇති පාසැලට යා හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එවැනි හැකියාවක් හෝ නොමැති පාසල් දරුවන් සිටින බවට වාර්තා වුවහොත් ඊට අදාළ විසදුම් මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කළා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
