නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝා#න කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවසක් අසල වැටී සිට ඇත.
එහිදී එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මරණයට සැකපිට දරුවාගේ පියා නූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
✅✅✅✅✅✅✅✅✅
