සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගත් ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත, දුෂ්ටි ආබාධිත, ශ්‍රවණ ආබාධිත, කථන ආබාධිත 650 දෙනෙකු ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටම නොමිලේ ශ්‍රී පාදස්ථානය කරුණා කර ආපසු ඔවුන්ව නිවෙස්වලටම ගෙන ගොස් හැරලීමේ අපූරු පිංකමක් ගැන තොරතුරු වාර්තා වනවා.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි සනත් අත්තිඩිය නැමති ඉංග්‍රීසි භාහිර පන්ති පවත්වන ගුරුවරයෙතු විසින් මෙම පිංකම සෑම වසරකම පවත්වන අතර, මෙවර ඔහු 09 වන වතාවටත් මෙය සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම පිංකම සංවිධානය කල සනත් අත්තිඩිය මහතා කියා සිටියේ, දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම තෝරා ගත් එම ආබාධිත පිරිස් බස් රථ 14කින් නල්ලතන්නිය වෙත රැගෙන විත් එම පිරිස තවත් පුද්ගලයින් රැසකගේ සහයෝගය මත ශ්‍රීපාස්ථානය වන්දවා ආපසු එම පිරිස නිවෙස්වලට හැරලූ බවයි.
මෙම පිරිසට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ආහාරපාන නොමිලේ ලබා දී ඇති අතර, ශ්‍රී පාදය කරුණාකරවූ ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාදය කරුණා කිරීමට සහ ආපසු නල්ලතන්නියට ඒමට සමාන්‍ය වන්දනාකරුවෙකුට ගතවන කාලයට වඩා වැඩිකාලයක් ගත් වූ බවත්, එය පැය 20-24ක කාලයක් ගත් බවයි අත්තිඩිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඇතැම් පුද්ගලයින්ව ශ්‍රී පාද උඩමළුව දක්වා ඔසවාගෙන යෑමට සිදු වූ බවත්, ඒ සදහා තමන්ගෙන් අධ්‍යාපනය ලැබූ ආදි සිසුන්ගෙන්, වර්ථමාන සිසුන්නේ සහ මෙම පිංකමට වසර කිහිපයක් තිස්සේ සහයෝගය දක්වන ඇල්පිටිය හිපංකන්ද සමාධි පිරිවනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 60 නමක් ඇතුලු දහසක් පමණ දෙනාගේ පූර්ණ සහයෝගය මෙම පිංකමට ලැබි තිබේ.
✅✅✅✅✅✅✅✅✅
