රට පුරා රෝහල් 140ක හෙට වර්ජනයක්.. ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න...



 මේ කියන්න යන්නේ දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ගැන කතාවක්.



මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හෙට පෙ.ව. 8.00 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

දිවයින පුරා රෝහල් 140ක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවත් මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල ද, ද සොයිසා කාන්තා රෝහල සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා ඇත්තේ.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නීතිවිරෝධී සහ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහු රෝහලෙන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කෙරෙන අතර, නමුත් ඔහු තවදුරටත් සිය තනතුරේ රැඳී සිටිමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවට සභාපතිවරයා චෝදනා කරනවා.

මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත්විය යුතු බවත් එසේ නොවුණොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බවත් චානක ධර්මවික්‍රම පැවසුවා.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 

✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post