23න් පසුව දුම්රිය සේවයට බලපාන වෘත්තීය ක්‍රියාමාර්ග? ස්ථානාධිපති සංගමයෙන් අනතුරු ඇඟවීම

 


දුම්රිය ස්ථානාධිපති සේවයේ නව බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පවතින ගැටලුවට ප්‍රවාහන සහ දුම්රිය බලධාරීන් විසින් කඩිනම් විසඳුම් ලබා නොදුන්නේ නම්, මෙම මස 23 වැනිදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ, නව බඳවාගැනීමේ ක්‍රියාපටිපාටියට අදාළ අන්තර්කාලීන විවිධිධාන සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිරීක්ෂණ සහ නිර්දේශ මීට මාස හතරකට පමණ පෙර යොමු කර තිබුණද, ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සේවය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් වෙත මෙම මස 9 වැනිදා දැනුවත් කිරීමට කටයුතු කළද, මෙතෙක් සාර්ථක විසඳුමක් ලබාදීමට අසමත් වී ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ සාධාරණ විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි.


✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post