නැගෙනහිරින් එන කැළඹීම දිවයිනටම බලපායිද? හෙට ඉඳන් ඔබේ ප්‍රදේශයට ලැබෙන අලුත්ම කාලගුණ අනාවැකිය මෙන්න.

 


ඔන්න කාලගුණය ආයෙත් වෙනස් වෙලා තිබෙනවා. ඉකුත් දිනවල තිබුණු වැසි තත්ත්වය තවත් වැඩි වෙන්න යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. 


විශේෂයෙන්ම ජනවාරි 05 වැනිදා (හෙට) ඉඳන් මේ තත්ත්වය ගොඩක් වැඩි වෙන්න පුළුවන්.


ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් තියෙන වායුගෝලයේ කැළඹීමක් නිසා දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි වැටෙන්න නියමිතයි.

නැගෙනහිර, ඌව පළාත්වලටත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ලැබෙන බවත් සබරගමුව, කළුතර, ගාල්ල සහ මාතර පැතිවලට පස්වරු 2.00න් පස්සේ ගිගුරුම් සහිත වැසි වැටෙන්න ඉඩ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

වැස්ස විතරක් නෙමෙයි, පැයට කිලෝමීටර් 50ක විතර වේගයෙන් හමන තද සුළං තත්ත්වයක් ගැනත් අනාවැකි පළ වෙනවා. විශේෂයෙන්ම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලටත්, කොළඹ, ගම්පහ, මොනරාගල වගේ ප්‍රදේශවලටත් මේ හුළං සැර දැනෙන්න පුළුවන්.

වැස්සත් එක්ක අකුණු ගහන්නත් ඉඩ තියෙන නිසා, තමන්ගේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 


✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post