2026 IPL තරග වාරය සඳහා ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මාන් නිදහස් කරන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.
ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු KKR කණ්ඩායමට එක්කර ගැනීමට අවසර හිමිවන බවයි මේ බව තහවුරු කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Devajit Saikia ප්‍රකාශ කර ඇත්තේ.
2026 IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මුස්තෆිසුර් රහ්මාන්ව ඉන්දීය රුපියල් කෝටි 9.20 කට මිලදී ගන්නා ලදි.
භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් වන උත්තර් ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංගීත් සෝම් පවසන්නේ බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා ඉහළ යමින් තිබිය දී එවැනි රටක ක්‍රීඩකයෙක් මිලදී ගැනීම තුළින් ෂාරුක් ඛාන් ද්‍රෝහියෙකු වන බවයි.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි.
✅✅✅✅✅✅✅✅✅
