මියයන විටත් සිය දේහය වෛද්‍ය පීඨයකට දන් දීමට තීරණය කළ ඒ උතුම් මනුෂ්‍යත්වය ගැන ඇසෙන කතාව

 


දේශපාලන ලෝකය අද උදෑසන අවදි වූයේ කණගාටුදායක පුවතක් සමගිනි.



කලක් මෙරට දේශපාලනයේ දැවැන්ත චරිතයක් වූත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වූත් නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 63 වැනි වියේ පසු වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් කලක් රෝගාතුරව සිටි ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිටියේ රාගම ශික්ෂණ රෝහලේය. අද අලුයම රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේ ඔහු සිය ජීවන ගමන නිමා කළ බවයි.

නන්දන ගුණතිලක කියන්නේ මෙරට දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කළ පුද්ගලයෙකි.

ජනතා විමුක්ති පෙරමුණ (JVP): 1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී ලක්ෂ 3කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එදා දේශපාලන කරළිය උඩුයටිකුරු කළේය.

පසුව ජවිපෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ ඔහු පානදුර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

නන්දන ගුණතිලක මහතා මියයන්නට පෙර සිය අවසන් කැමැත්ත ලෙස සඳහන් කර ඇත්තේ සිය දේහය වෛද්‍ය පීඨයක පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ලෙසයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post