ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

 


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන පරිදි, රියැදුරු බලපත්‍ර ලබාදීම දැන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පමණක් සිදුකරයි.

පෙබරවාරි 28 වනවිට ප්‍රමාද වූ සියලු රියැදුරු බලපත්‍ර ලබාදී අවසන් කරන බවද ඔහු සනාථ කළේය. පෙරදී පෞද්ගලික ආයතනයක් මඟින් රියැදුරු බලපත්‍ර ලබාදීම සිදුකරනු ලැබුණත්, දැන් එහිදී රියැදුරු බලපත්‍ර ලබාගැනීමෙන් ලබන මුදල් රජයට පමණක් හිමි වන බව ඔහු පැවැසීය.

මේ වනවිට රියැදුරු බලපත්‍ර ලක්‍ෂ 08 ක් ගෙන්වා තිබෙන බවත් මෙතෙක් ලබාදීමට නොහැකිව ගොඩගැසී තිබූ ලක්‍ෂ හතරහමාරක ප්‍රමාණයෙන් සියයට පනහක් පමණ මුද්‍රණය කර අවසන් බවත් ඉතිරි ඒවා පෙබරවාරි 28 පමණ වනවිට මුද්‍රණය කර අවසන් කරන බවත් ඒ මහතා කීය.

එක්දින සේවාව යටතේ, ඉල්ලන ප්‍රමාණයට සරිලන ලෙස රියැදුරු බලපත්‍ර ලබාදෙන අතර සාමාන්‍ය සේවාව යටතේ ඇනවුම් කළ බලපත්‍ර මාසයක් තුළ තැපැල් මඟින් අයැදුම්කරුට ලබාදීමට සැලසුම් කර තිබේ.

දැනට අනුරාධපුර, හම්බන්තොට සහ වේරහැර කාර්යාල මඟින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර ලබාදෙමින් ඇති අතර, මෙම වර්ෂය තුළ තවත් දිස්ත්‍රික්ක කිහිපයක කාර්යාල විවෘත කර, රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post